Monday, July 07, 2025
Follow Us
ආදානි සභාපති සහ ජනපති අතර හමුවක්

වරායේ බටහිර පර්යන්තය සංවර්ධන කටයුතු ගැන සාකච්ඡාවක්


අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) දිනයේ දි හමුවීමට නියමිත බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තාකර ඇත.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන කටයුතු අදානි සමුහ ව්‍යාපාරයට ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන්ය.

ගෞතම් අදානි මහතා පෞද්ගලික සංචාරයක් සඳහා එලෙස අද දිනයේ දිවයිනට පැමිණෙන අතර ජනාධිපතිවරයාට අමතරව රජයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු ද එහිදි හමුවීමට නියමිත බව වාර්තා වෙයි.

(Aruna)