Wednesday, September 09, 2026
Follow Us
විද්යා හා තාක්ෂණ අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ (SLAEB) ප්රධාන මෙහෙයුම් ක්ෂේත්රයන්හි වර්තමාන ප්රගතිය ඇගයීම, අනාගත සැලසුම් සහ ඉදිරි අභියෝග පිළිබඳ විමසා බැලීම අරමුණු කරගනිමින් විශේෂ කළමනාකරණ කමිටු රැස්වීමක් (Management Committee Meeting) විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
ශ්රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB), ජාතියේ තිරසාර සංවර්ධනයට සහාය වීම සඳහා න්යෂ්ටික විද්යාව හා තාක්ෂණයේ කාර්යභාරය ප්රවර්ධනයට කටයුතු කරන ප්රමුඛතම ආයතනයයි. විද්යාත්මක, වෛද්ය සහ කාර්මික වර්ධනය උදෙසා සාමකාමී න්යෂ්ටික තාක්ෂණය සුරක්ෂිතව හා නවෝත්පාදනාත්මකව භාවිත කිරීමට එම ආයතනය කැපවී සිටී.
මෙම වර්ෂයේ පළමු හා දෙවන කාර්තුවලට ප්රමුඛතාව ලබා දෙමින් ආයතනයේ වත්මන් ප්රගතිය ඇගයීම මෙහි දී සිදුකෙරිණි. ආයතනයේ ප්රධාන කාර්ය සාධන දර්ශක සහ අරමුණු විමසමින් ඒවා සාක්ෂාත් කරගැනීමට කටයූතු කර ඇති ආකාරය අමාත්යවරයා ඇතුළු පිරිසගේ විමසුමට ලක්විය.
ප්රධාන කාර්ය සාධන දර්ශක සහ අරමුණු විනිවිදව දක්වමින් ඒවා ජයගැනීමට ඉලක්කගතව කටයුතු කිරීමේ අවශ්යතාව අමාත්යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. ආයතනයේ සේවාවන් පුළුල් කිරීම සහ ආයතනය සතු නවීන උපකරණ කාර්යක්ෂම යොදාගැනීම, ආයතනය මගින් සේවාවන් ලබාගන්නා රාජ්ය හා පෞද්ගලික ආයතන ඇතුළු බාහිර පාර්ශ්වකරුවන් සමග සම්බන්ධතාව පුළුල් කිරීම හා ශක්තිමත් කිරීම මෙන්ම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
ජාතික හා ජනතා අවශ්යතාවලට ආයතනයේ විශේෂඥ දැනුම හරහා විසඳුම් ලබාදීම වැදගත් බැවින් ඒ සඳහා කටයුතු කරන අතරම වෙනත් පර්යේෂණ ආයතන සමගද එක්ව ඉලක්කගත සහයෝගිතා වැඩසටහන් ක්රියාත්මක කිරීමේ වැදගත්කමද මෙහි දී සාකච්ඡාවට ලක්විය.
මෙම අවස්ථාවට විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ ලේකම් මහේෂ් ගම්මන්පිල (වැ.බ.), මහතා ඇතුළු අමාත්යාංශ නිලධාරීන්, SLAEB සභාපති ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය, අධ්යක්ෂ ජනරාල් (වැ.බ.) රවී කළුපහන මහතා ඇතුළු අංශ ප්රධානීන්, ආතර් සී. ක්ලාක් ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්රී ලංකා ප්රමිති ආයතනය සහ ශ්රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම යන ආයතනයන්හි නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.