නිවාස , ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා සාකච්ඡාවක් නිවාස , ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර,වත්මන් හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න සහ බිම්බෝම්බ ඉවත්කිරීමේ වැඩසටහනේ අධ්යක්ෂවරයා සම්බන්ධවූ මෙම සාකච්චාවේදී, බිම්බෝම්බ ඉවත් කරීම සඳහා යොදවා සිටින පුහුණුව ලත් හමුදා සෙබලුන් ගණන 500ක් දක්වා වැඩි කර ගැනීමත් , එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය සෙසු අවශ්‍යතාවයන් ප්‍රමාණවත් පරිදි සපුරාලීමත් වෙනුවෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය..
දැනට ලොකයේ ඉතාමත් සාර්ථක බිම්බෝම්බ ඉවත්කිරීමේ වැඩසටහනක් ලෙස කැපීපෙනෙන මෙම වැඩසටහන කඩිනම් කිරීම තුලින් ඉදිරි වසර කිහිපය තුල ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට ප්‍රකාශයට පත්කල හැකි වනු ඇති බවත් ඒ සඳහා සියලු දෙනා කැපවී කටයුතු කටයුතු කිරීමටත් මේ සාකච්ඡාවේදී එකඟවිනි.