Sunday, July 26, 2026
Follow Us
නඩු කටයුතු අවසන්වූ කිලෝග්‍රෑම් 100කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම සඳහා රැගෙන යයි
පොලිස් මත්ද්රව්ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝග්රෑම් 99 ග්රෑම් 478 ක් මෙන්ම නොයෙක් ප්රදේශවල අධිකරණ මගින් විභාග කළ නඩු කටයුතු 208 ක් අවසන්ව එම නඩු කටයුතුවලට අදාළව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ තිබූ මත්ද්රව්ය ප්රමාණයක් දවා විනාශකිරීම සඳහා ඊයේ (25) උදෑසන පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්රදේශයේ ස්ථාපිත කර තිබෙන දහන උදුන වෙත රැගෙන ගිය බව පොලීසිය සඳහන් කරයි.

 

මෙම ක්රියාවලිය රාජ්ය නිලධාරීනගේ අධීක්ෂණය යටතේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව යටතේ සිදුකෙරේ.