ඉබෝලා වෛරස් වසංගත තත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීමත් එයට සමඟාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කරුණු 5කින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (20) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
අදාළ නිවේදනයට අනුව ඉබෝලා වෛරස් වසංගත තත්වයක් කොංගෝ රාජ්‍යයේ සහ උගන්ඩාව යන රටවල් මේ වන විට උද්ගතව පවතින බවත් මෙය මහජන සෞඛ්‍ය තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇති බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දැනුම් දී සිටී.
එම තත්වයට සමඟාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව ශ්‍රී ලංකාව තුළ පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
- ගුවන්තොටුපළ ආශ්රිත ආවේක්ෂණය ශක්තිමත් කිරීම.
- සැක සහිත රෝගියකු වාර්තා වුවහොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායාතනය මනා ලෙස පෙර සුදානම් කර තැබීම.
- අවශ්‍ය රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණය ආයතනය සුදානම් කර තැබීම.
- රටතුළ ආවේක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය තත්වය නිරන්තරයෙන් අධ්‍යනය කිරීම.
- සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය අවශ්‍ය කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මනා සම්බන්ධීකරණයක් සිදු කිරීම.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව මෙම රෝගය සඳහා අඩු අවදානම් රටක් ලෙස නම් කර ඇතැයි දක්වා තිබේ. එමෙන් ම අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මෙම තත්වය පිළිබඳ අනිසි බියක් මහජනතාව තුළ ඇති කර ගැනීම අවශ්‍ය නොවන අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සියලුම අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බව ද අවධාරණය කර සිටී.