Thursday, March 19, 2026
Follow Us
QR ක්‍රමයට ඔත්තේ ඉරට්ටේ සංඛ්‍යාව අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට
QR ක්රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම අද (19) සිට ක්රියාත්මක වේ.

 

ඒ අනුව අද ඔත්තේ දිනයක් වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්යාවන් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතී.
 
මේ අතර QR ක්රමවේදය යටතේ මේ දක්වාත් ඉන්ධන කෝටාව ලබාගෙන නොමැති පුද්ගලයින්ට ද අද දිනයේදී ඔත්තේ, ඉරට්ටේ ක්රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීමේ විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා දැනුම් දෙයි.