Wednesday, March 18, 2026
Follow Us
ඉන්ධන රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණේ

මැදපෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති ගෝලීය බලශක්ති අර්බුදය මධ්‍යයේ, ශ්‍රී ලංකාව විසින් ඇණවුම් කළ ඉන්ධන තොගයක් රැගත් හොංකොං රාජ්‍යයට අයත් Seafrontier නෞකාව ඊයේ (17) උදෑසන කෙරවළපිටිය ඉන්ධන ගබඩාව වෙත පැමිණ ඉන්ධන ගොඩබෑම සිදු කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම ඉන්ධන තොගයෙන් කොටසක් ඊයේ (17) පස්වරුවේ කොළඹ වරායේ ඩොල්පින් ජැටිය වෙත රැගෙනවිත්, එතැන් සිට කොලොන්නාව ඉන්ධන ගබඩාව වෙත සම්ප්‍රේෂණය කිරීමද සිදු කර තිබේ.

මෙම නෞකාව මඟින් 92 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් - 17000ක්ද, ඩීසල් මෙට්‍රික් ටොන් - 18000ක්ද, සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් - 2800ක්ද ගෙනැවිත් තිබේ.