කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය (IDB) හා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛව රසායන හා ජීව විද්‍යා තාක්ෂණ ආයතනය(IBMBB) මූලිකත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීමට නියමිත රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා වූ Human Repeat Insult Patch Test (HRIPT) පරීක්ෂණ රසායනාගාරයට මුල්ගල් තැබීම අද (30) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මෙම රසායනාගාරය 2027 වර්ෂය අවසන් වීමට පෙර සිදුකිරීමට නියමිත අතර මෙහි වියදමින් රුපියල් මිලියන 24.383ක ප්‍රමාණයක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයද රුපියල් මිලියන තුනක මුදල් IBMBB ආයතනයද දරනු ලැබේ.
මෙම අවස්ථාවට එක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා දැනට Human Repeat Insult Patch Test (HRIPT) පරීක්ෂණාගාරයක් ශ්‍රී ලංකාව තුල නොමැති තත්වය තුළ මෙම කර්මාන්තය තුළ යෙදෙන නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් විදෙශ් රටවල් හරහා රූපලාවණ්‍ය නිෂ්පාදනයන්ට අදාළ සහතික ලබා ගැනීමේදී සිදුවන වියදම සහ දුෂ්කරතාවය මගහරවා ගැනීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය මේ සඳහා මැදිහත් වූ බවත්, මෙම පරීක්ෂණාගාරය ඉදි කිරීමෙන් පසුව පරීක්ෂණාගාරය තුළ තාක්ෂණික උපකරණ සහ වෙනත් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය දිගින් දිගටම මැදිහත් වන බවත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛව රසායන සහ ජීව විද්‍යා තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය බී. පී. ගල්හේන මහතා ඇතුළු විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.