චීනය හා ආසියාන් සංවිධානය නිදහස් වෙළඳ කලාප තුන්වන කාණ්ඩයේ (3.0) උත්ශ්‍රේණිගත ලේඛණයට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
මැලේසියාවේ පැවත්වෙන 47 වන ආසියාන් නායක සමුළුව අතරතුර අද (28) ඊට අත්සන් තබා තිබේ.
චීන-ආසියාන් නිදහස් වෙළඳ කලාපය පිළිබඳ උත්ශ්‍රේණිගත සාකච්ඡා 2022 නොවැම්බර් මාසයේ සිට 2024 ඔක්තෝබර් මාසය දක්වාවූ කාලය තුළ පැවැත්විණ.
වර්තමානයේ චීනය හා ආසියාන් සංවිධානය අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම හෙවත් කලාපීය පූර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) මත පදනම්ව, මෙම උත්ශ්‍රේණි ගත කිරීම සිදු විය. අලුතින් වර්ධනය වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වාසි සහගත සහයෝගීතාවන් පුළුල් කරමින් ප්‍රමිති සහ රෙගුලාසි වල ඒකාබද්ධතාව තහවුරු කර කලාපීය වෙළඳ පහසුකම් මෙන්ම පුඵල් පිළිගැනීමකින් යුත් සංවර්ධනයක් ඉටු කිරීම ඉන් සිදු වනු ඇත.