වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ABD) ප්‍රවාහන අංශයේ නියෝජිතයින් කණ්ඩායමක් අතර විශේෂ හමුවක් ඊයේ (29) අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවට එක් වූ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්‍ෂ තකෆුමි කඩෝනෝ (Mr.Takafumi Kadono ) මහතා ශ්‍රී ලංකා වරාය ක්ෂේත්‍රයේ පසු ගිය වසර ගනනාවක ලබා දුන් සහයෝගීතාවන් සිහිපත් කළේය.
එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ දිගුකාලීන හවුල්කාරීත්ව නැවත තහවුරු කිරීමද මෙම හමුවේ විශේෂත්වයක් විය.
අනුර කරුණාතිලක අමාත්‍යවරයාගේ නව තනතුරේ රාජකාරී භාර ගැනීම පිළිබඳව සුභ පැතුම් එක් කළ කඩෝනෝ මහතා , ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා ප්‍රවාහන සංවර්ධන කාර්යයට සහය දැක්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ කැපවීමද නැවත අවධාරණය කළේය. 1970 වසර කාලයේ සිට ප්‍රවාහන ව්‍යාපෘතිවල සිට බටහිර බහාලුම් පර්යන්තයේ දෙවන අදියර දක්වා වු ඉංජිනේරු සැලසුම් සඳහා අඛණ්ඩ මූල්‍ය ආධාර සැපයීම ගැන ද සිහිපත් කෙරිණි.
ජාතික වරාය ප්‍රධාන සැලැස්ම යාවත්කාලීන කිරීම සඳහාත්, බටහිර බහාලුම් පර්යන්තයේ දියකඩනය ඉදිකිරීම සඳහාත්, ආසියානු සංවර්ධන බැංකුවේ ඉදිරි සහයෝගය සඳහා වෙන් කර ඇති රාජ්‍ය මූල්‍යකරණය පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වීය.
මෙම හමුවේදී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වරාය සහ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ දායකත්වය වෙනුවෙන් කෘතඥතාව පළ කළ අතර රජය වෙනුවෙන් තබා ඇති විශ්වාසනීයත්වය අගය කළේය.