Monday, October 13, 2025
Follow Us
විසිතුරු පැළෑටි සහ විසිතුරු මසුන් කර්මාන්තය වටිනාකම් සහිත වෘත්තියක් බවට පත් කළ යුතුයි
විසිතුරු පැළෑටි සහ විසිතුරු මසුන් කර්මාන්තය වටිනාකම් සහිත වෘත්තියක් බවට පත් කළ යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
අමාත්යවරයා මේ බව සදහන් කළේ පසුගියදා මහනුවර ප්රදේශයේ පැවති විසිතුරු පැළෑටි සහ විසිතුරු මසුන් ප්රදර්ශනයකට එක් වෙමින්.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා
“ විසිතුරු ජලජ පැළෑටි සහ විසිතුරු මත්ස්ය කර්මාන්තය පිළිබඳ අමාත්යාංශ මට්ටමෙන් සාකච්ඡාවක් පසුගිය දිනක සිදු කළා. අපි ජාතික අවධානයක් මේ ක්ෂේත්රය ගැන යොමු කරලා තියෙනවා. මේක කර්මාන්තයක් විදිහට කර්මාන්ත අමාත්යාංශයට ඇතුළත් කරලා නැහැ. කර්මාන්තයක් විදිහට අර්ථ දක්වලාවත් තිබුණේ නැහැ. අපේ සුනිල්හඳුන්නෙත්ති ඇමතිතුමා එකඟ වුණා එතුමාගේ අමාත්යාංශයේ කර්මාන්ත ලැයිස්තුවට මේක ඇතුළත් කරගන්න. ඒක ජයග්රහණයක්. ඒ නිසා කර්මාන්ත අමාත්යාංශය එක්ක එකතු වෙලා ඉදිරියට යන්න පුළුවන්.
සමාජයේ අලුත් වෘත්තීන්වලට පාසල් අධ්යාපනයේ සිටම වටිනාකමක් දිය යුතුයි. වෘත්තීන් දස දහස් ගණනක් බිහි කළ යුතුව තිබෙනවා. එයින් ප්රධානතම එකක් තමයි විසිතුරු පැළෑටි සහ විසිතුරු මත්ස්ය කර්මාන්තයේ ප්රධාන පෙළේ ව්යාපාරිකයන් ඉන්නවා,
 
දැනට මේ ක්ෂේත්රයේ තියෙන ගැටලුවලට උත්තර හොයන්න අපි අමාත්යාංශ මට්ටමෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ කර්මාන්තය දැන් විදේශ වෙළඳපොළ ආක්රමණය කරලා තියෙනවා. දැනට සියයට හතර ඉදිරියට සියයට අට දක්වා වර්ධනය කළ යුතුයි. මේක හොඳ ආර්ථික අවස්ථා තියෙන ක්ෂේත්රයක්."