Sunday, September 14, 2025
Follow Us
බලපත්‍ර නොමැතිව මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මැණික්හින්න පොලිස් වසමේදී හා  වත්තේගම පොලිස් වසමේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (13) වැටලීම් දෙකක් සිදුකර බලපත්‍ර නොමැතිව විදෙස් රටවල සිට නීත්‍යණුකූල නොවන ආකාරයෙන් මෙරටට ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දත්ත පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුලත් කරන ලද ජීප් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 හා 58 වයස්වල පසුවන මැණික්හින්න හා වත්තේගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (13) තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.09.15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.