Friday, September 12, 2025
Follow Us
නේපාලයේ අන්තර්කාලීන අගමැති තනතුරට සුෂිලා කාර්කි

නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කර ඇති බව වාර්තා වෙයි.

ඇය අන්තර්කාලීය පරිපාලනයේ ප්‍රධානියා ලෙස අද රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බවද නේපාල මාධ්‍ය වාර්තා කරයි.

තරුණ විරෝධතා හමුවේ නේපාල අගමැතිවරයා ඉල්ලා අස්විමෙන් ඇතිවු පුරප්පාඩුව සදහා අන්තර්කාලින අගමැතිනිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිල් කාර්කි දිවුරුම් දීමට නියමිතව තිබේ.

විරෝධතාකරුවන්, ජනාධිපතිවරයා හා හමුදාව අතර ඇති කරගත් එකගතාවකින් පසු මෙම තීරණයට එළඹ ඇති බව සදහන් වේ.

73 හැවිරිදි සුෂිලා කාර්කි නේපාලයේ පළමු අගවිනිසුරුවරිය මෙන්ම අගමැතිනියද වේ.

මේ සතියේ නේපාලයේ පැවති මාරාන්තික විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගොස්, 1,300 කට වැඩි පිරිසක් තුවාල ලබා, දහස් ගණනක් සිරකරුවන් පලා යාමක් ද වාර්තාවිය.