Monday, November 25, 2024
Follow Us
ගිගුරුම් වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති  අඩුපීඩන කලාපය අද දින උදෑසන කාලයේ  (25) මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පද්ධතිය අද උදෑසන 08.30 පමන වනවිට ත්‍රීකුණාමලය කී.මී. 600 ක් පමන එපිටින් ගිණිකොන දෙසින් පිහිටා ඇත. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැක.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු පළාතේ සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි  ඉතා තද වැසි ඇතිවිය හැක. උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව, අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි  තද වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල  විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.