Wednesday, February 11, 2026
Follow Us
මැලේසියාවේ රැකියා සඳහා නැවත අවස්ථාව

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයෙන් පසු ලොව රටවල් කිහිපයක් විදේශ ශ්‍රමිකයින් රැකියා සඳහා බඳවා ගැනීම තාවකාලිකව අත්හිටවු නමුත් මැලේසියාව ගෘහ සහයකයින් සඳහා රැකියා වීසා ලබාදීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මෙම වසරේ දෙසැම්බර් 31න් පසුව මැලේසියානු රජය විසින්, එරට අනෙකුත් ක්ෂේත්‍රවල සේවය කිරීමට බලාපොරොත්තු වන විදේශිය ශ්‍රමිකයින්ට, රැකියා වීසා නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බව මැලේසියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

(Aruna)