Tuesday, April 30, 2024
Follow Us
සූකාට එරෙහිව සලෙයිගේ පැමිණිල්ල UN කාර්යාලයට බාර දෙයි

ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා දෙමළ ඩයස්පෝරාව සමග එක්වී රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිගේ මානව හිමිකම් කඩකර ඇති බැවින් ඒ ගැන සොයා බලන ලෙස ඉල්ලා නීතිඥවරුන් කණ්ඩායමක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය හා යුරෝපා සංගමයට ඊයේ (18 වැනිදා) පැමිණිලි කළහ.

ජාතීන් අතර අසමගියක් ඇතිවන අයුරින් යස්මින් සූකා විසින් සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කරමින් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිගේ ජීවිතයට හානිදායක වන තොරතුරු අනාවරණය කර ඇති බවත් මෙහිදී පෙන්වා දී ඇත.

වසර තිස්දෙකක් පුරා ජාතික ආරක්ෂාවට සුවිශේෂී සේවාවක් කළ බුද්ධි නිලධාරියකු වූ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිගේ උසස්වීමට විරුද්ධව යස්මින් සූකා නිවේදනයක් නිකුත් කළාය. එහිදී වෙනත් නිලධාරියකුගේ ඡායාරූපයක් යොදමින් මේජර් ජනරාල් සුරේෂ් සලෙයිට යුද අපරාධ චෝදනා එල්ල කර තිබිණි.

තමන්ගේ ජීවිතයට හානියක් වන පරිදි කටයුතු කළ බව චෝදනා කරමින් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා සුරේෂ් සලෙයි පසුගියදා යස්මින් සූකාට එන්තර වාසියක් ද යවා තිබිණි.

එම මුදල නොගෙවන්නේ නම් දින දාහතරක් ඇතුළත ඇයට විරුද්ධව නඩු පැවරීමටද නියමිතය.

(Lanka LEads)