Thursday, May 14, 2026
Follow Us
ප්‍රමුඛතාගත ව්‍යාපෘති සමඟ ඒකාබද්ධව දිවයිනේ නගර 10ක් සංවර්ධනය කිරීමට සැලසුම්
ප්රමුඛතාගත ව්යාපෘති සමඟ ඒකාබද්ධව දිවයිනේ නගර 10ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා පවසයි.

 

බස්නාහිර පලාත හැර, සෙසු පලාත් 08 නියෝජනය වන පරිදි තෝරාගත් නගර 10ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව යාපනය, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, වව්නියාව, ඇහැලියගොඩ, බදුල්ල සහ මාතර නගර සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
 
මෙම ව්යාපෘතිය පිළිබඳ මූලික සාකච්ඡාව පසුගියදා (27) ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශයේ පැවැත් වූ අතර, එම අවස්ථාවට එක්වෙමින් අමාත්යවරයා මේ බව පැවසීය.