Thursday, May 14, 2026
Follow Us
ඉන්ධන රැගත් ඉන්දීය නෞකාවක් කොළඹ වරායට පැමි‌ණේ

අද දහවල් 1.30ට පමණ ඉන්ධන තොගයක් රැගත් හරි අනන්ඩ් (HARI ANAND) නෞකාව කොළඹ වරායේ ඩොල්පින් ජැටියට පැමිණි බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට එහි රැගෙන ආ ඉන්ධන කොළොන්නාව ඉන්ධන ගබඩා සංකීර්ණයට සම්ප්‍රේශණය කිරීම අරඹා තිබේ. එම නෞකාවෙන් මෙරටට ගෙනෙන ලද මුළු ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 36000 ක් වේ.

එම තොගයේ ඩීසල් මෙට්‍රික් ටොන් 18000 ක් සහ ඔක්ටේන් 92 පෙට්ට්‍රල් මෙට්‍රික් ටොන් 18000 ක් අඩංගු වේ.