2002.06.12 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදු කර තිබේ.
මෙම මිල වැඩිවීම බස් ගාස්තු 12.19% ක ප්‍රතිශතයකි. ඒ අනුව සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී සේවා සඳහා මෙම ගාස්තු වැඩිවීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ
ඒ අනුව පළමු බස් ගාස්තුව: රු. 27/- සිට රු. 30/- දක්වාත් අවසන් බස් ගාස්තුව: රු. 2159/- සිට රු. 2422/- දක්වාත් ඉහළ දමා තිබේ.
මගීන්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය කරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවකයින් වෙත දැනුම් දෙන අතර, වැඩිපුර ගාස්තු අය කරන්නන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගනු ලැබේ.
වැඩිපුර ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ක්ෂණික දුරකථන අංකය 1955 සහ WhatsApp අංකය: 0712595555 සඳහා පැමිණිලි ඉදිරිපත් කළ හැක.