ඉදිරි මාසවලදී තෙල් සැපයුමේ කිසිදු ගැටලුවක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළ අතර ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වීම හේතුවෙන් ඉන්ධන මිල වැඩි කිරිමට සිදු වූ බවද පෙන්වා දුන්නේය.
ලෝක වෙළදපොළේ මිල වැඩී විම සමඟ ඩීසල් මිල 141 % කින් වැඩි වී ඇති බවත් එය පසුගිය මාසයට සාපෙක්ෂව ඩොලර් 129.76 ක වැඩි වීමක් බවද සඳහන් කළේය.
තෙල් සැපයුමට බාධාවක් නොවන ලෙස තෙල් අවශ්‍ය ප්‍රමාණයට ඇති බව ජනතාවට දැනුම් දුන්නද ජනතාව අනවශ්‍ය ලෙස තෙල් එක්රැස් කළ බැවින් තෙල් සංචිත ඉක්මනින් අඩු වූ බවත් මේ වනවිට ඩීසල් මෙට්රික් ටොන් 57000ක් ද පෙට්‍රල් 45000ක්ද ජනතාව පරිභෝජනය කර ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය..
එළඹෙන 24 ,25 පැමිණීමට නියමිතව තිබූ බොරතෙල් නැව් නොපැමිණෙන බැවින් ක්ෂණීක මිලදී ගැනිම් සිදු කිරීමට පසුගිය 17වැනිදා ටෙන්ඩරය විවෘත කළ බවත් එම තෙල් නැව් සඳහා ප්‍රිිමියම් අගය වැඩි බවද ඔහු සඳහන් කළේය.
ටෙන්ටර්වලින් පිට තෙල් ගෙන්වීමට හැකි පුද්ගයින් සීටි නම් ඒ සඳහා ද කැබිනට් අනුමැතිය ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා වෙත විද්‍යුත් ලිපියක් මඟින් දැන්වත් කළ හැකි බවත් ඔහු පැවසුවේය.
පසුගිය දිනවල සිදුකර සාකච්ඡා සහ කමිටු තිරණ අනුව ඇතැම් ක්ෂේත්‍රවලට සිදු විය හැකි බලපෑම හේතුකොට ගෙන ලබා දෙන ඉන්ධන කෝටාව මේ වනවිට වැඩි කර ඇතැයිද සඳහන් කළේය.
අප්‍රේල් මස 12 සහ 13 වනවිට දැවි තෙල් නැවක් ලංකාවට පැමිණෙන බැවින් විදුලිය කප්පාදු කිරීමේ ගැටලුවක් පැන නොනගින බවත් නමුත් විදුලිය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටි.