Tuesday, September 01, 2026
Follow Us
මේ මාසයේ ගෙවුණු දින 18ට සංචාරකයින් 109,410ක් මෙරටට

මාර්තු මාසයේ මුල් දින 18 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 109,410ක් පැමිණ ඇති බව වාර්තා වෙයි. 

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 27,613ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 25%ක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.

 

එමෙන්ම, රුසියාවෙන් 9,562ක්, ජර්මනියෙන් 8,258ක්, එක්සත් රාජධානියෙන් 10,111ක්, චීනයෙන් 9,100ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 6,114ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.