Monday, February 09, 2026
Follow Us
ජනවාරියේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 378.3ක්

2026 ජනවාරි මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 378.3 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

ඒ අනුව, 2025 ජනවාරි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 400.7 හා සැසඳීමේදී මෙය 5.6% ක අඩුවීමක් පෙන්නුම් කර ඇති බව සඳහන් වේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2026 ජනවාරි මාසයේ දී පැමිණ ඇති විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 277,327 ක් ලෙස වාර්තා වී තිබුණි.

සංචාරක පැමිණීම් 2025 දෙසැම්බර් මාසයේදී 258,928 ක් සහ 2025 ජනවාරි මාසයේදී 252,761 ක් වූ අතර එය 2026 ජනවාරි මාසයේදී 277,327 දක්වා ඉහළ ගොස් ඇති අතර එය වසරින් වසර 10% ක වැඩිවීමක් සහ වාර්තාගත ශක්තිමත්ම මාසික කාර්ය සාධනයකි.