2026 වසර ආරම්භ වූ පළමු දින 22ක කාලය තුළ සංචාරකයින් 194,553 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම කාලසීමාව තුළ එක් දිනකදී වැඩිම සංචාරක පැමිණීම වාර්තා වී ඇත්තේ ජනවාරි 15 වනදා වන අතර, එදින සංචාරකයින් 10,483 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙම දින 22ක කාලය තුළ වැඩිම සංචාරක පැමිණීම් වාර්තා වූ රට ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටින අතර, එහි සිට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 35,177ක් වේ.
ඊට අමතරව රුසියාවෙන් සංචාරකයින් 19,930 දෙනකු, එක්සත් රාජධානියෙන් 19,893 දෙනකු සහ ජර්මනියෙන් 12,822 දෙනකු මෙරටට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.