දේශිය ව්‍යවසායකයින් දේශිය හා ජාත්‍යන්තර වෙළදපොළ වෙත ප්‍රවේශ කිරීමට සහ ගෝලීය ව්‍යාපාරික ජාලයට සම්බන්ධ වීම සඳහා Made in Sri Lanka වෙළෙඳ ප්‍රදර්ශනය දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ වැලිගම වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය අතර අද (27) හෙට (28) දෙදින ද පෙ.ව. 10.00 සිට රාත්‍රි 10.00 දක්වා පැවැත් වේ.
දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනාගත් සුන්දර ගමනාන්තයක් වන මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රදේශයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ ගුණාත්මක තත්ත්වයේ දේශීය නිෂ්පාදන සහිත වෙළෙඳ කුටි 128 කින් සමන්විතය. මෙම අලෙවි ප්‍රදර්ශනයේ දී පහතරට සම්ප්‍රදායන් කැටිකොට ගත් දේශීය සංස්කෘතික සංදර්ශනයන්, DJ සංගීතය, කැලිප්සෝ සංගීතය සහ සජීවී සංගීත ප්‍රසංගයක් ද පැවැත් වේ.
මෙම අළෙවි ප්‍රදර්ශනයට සමගාමීව සජිවී ආහාර සැකසුම් කුටි රාශියක් ද, වැලිගම වෙරළ භූමිය තුල ස්ථාපනය කර ඇත. එසේම ප්‍රදර්ශනය හරහා මිල දී ගන්නා භාණ්ඩ විදේශ රටවලට ප්‍රවාහනය කිරීම සඳහා එම පරිශ්‍රය තුළ කුරියර් පහසුකම් ද සලසා ඇත.
පසුගිය කාලයේ සිදු වූ හදිසි ආපදා තත්වයෙන් පසු කඩිනමින් දේශීය කර්මාන්ත පුනර්ජීවනය කිරීම සහ දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීම වෙනුවෙන් වූ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මෙම ප්‍රදර්ශනය පැවැත්වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ සුළු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සංවර්ධනය කිරීම, දිරිමත් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පහසුකම් සැලසීමේ අරමුණින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මෙවැනි වැඩපිළිවළෙක් ක්‍රියාත්මක කර තිබේ.
දේශීය ව්‍යවසායකයින්ට දේශීය සහ විදේශීය වෙළෙඳපොලට තවදුරටත් ප්‍රවේශ වීමේ හැකියාව වැඩි කිරීම, පහසුකම් සැලසීම සහ දිරිමත් කිරීම ද මෙමඟින් සිදු කෙරේ.
වාර්ෂිකව දිවයින පුරා “Made in Sri Lanka” ප්‍රාදේශීය මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන අතර ඒ තුළින් හඳුනාගන්නා ග්‍රාමීය මට්ටමේ ගුණාත්මක නිෂ්පාදන ජාතික මට්ටමින් සංවිධානය කරනු ලබන ‘Made in Sri Lanka’ අලෙවි ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කරනු ලැබේ. එමඟින් තෝරා ගන්නා දේශීය නිෂ්පාදන ජාත්‍යන්තරය දක්වා හඳුන්වාදීම මෙම වැඩපිළිවෙළ අනුව සිදු වේ.