Friday, February 13, 2026
Follow Us
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450 ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව සඳහා අමෙරිකා ඩොලර් මිලියන 450 ක ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කරයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව විසින් මෙම ආධාර පැකේජය ලබා දීමට තීරණය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා කියා සිටියේය.

ඒ අනුව මෙම පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත්ය.

 ජනාධිපති කාර්යාලයේ අද (23) පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.