Tuesday, December 23, 2025
Follow Us
මේ වසරේ නොවැම්බර් දක්වා ඩො.බි.15.8ක් අපනයන ආදායමක්

මේ වසරේ ජන­වාරි මාසයේ සිට නොවැ­ම්බර් මාසය දක්වා අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 15.8ක අප­න­යන ආදා­ය­මක් හිමි ­කරගැනී­මට අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති සහ ප්‍රධාන විධා­යක නිලධාරි මංගල විජේ­සිංහ මහතා සඳහන් කළේය.

මේ දක්වා කාලයේ දී ශ්‍රී ලංකාවේ අප­න­යන අංශය ශක්ති­මත්ව සිය වර්ධන වේගය අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යන අතර එම කාලයේ 5.8%ක වාර්ෂික වර්ධ­න­යක් සම­ඟින් අප­න­යන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 15776.36ක් වාර්තා කිරී­මට සමත් වී තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

2025 නොවැ­ම්බර් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන අංශ­යන්හි මුළු අප­න­යන ආදා­යම ඇම­රි­කානු ඩොලර් මිලි­යන 1364.52ක් බවත් එය 2024 නොවැ­ම්බර් මාස­යට සාපේ­ක්ෂව 5.56% වාර්ෂික වර්ධ­න­යක් බවත් ඒ මහතා සඳහන් කළේය.