Friday, February 06, 2026
Follow Us
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍ය සහායක් ලබා දීමට IMF අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍ය පහසුකම (RFI) යටතේ ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක්ලබා දීමට අනුමැතිය ලබා දී ඇත.

කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස් වූ අතර එහිදී අදාළ මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී තිබේ.