Tuesday, February 03, 2026
Follow Us
IMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක් ලබාදීම තීරණය කරන රැස්වීම අද

කඩිනම් මූල්‍ය පහසුකම සම්බන්ධ ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට IMF විධායක මණ්ඩලය අද (19) රැස් වන බව වාර්තා වෙයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදු කර තිබුණි.

ඒ අනුව මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද රැස්වීමට නියමිතය.

එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිතව ඇති අතර, අද පැවැත්වෙන විධායක මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණයකට පැමිණෙනු ඇති බව වාර්තාවේ.