ණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් හා දානපතීන් දිනපතා ආධාර කරනු ලැබේ.
ඒ අනුව ස්වීඩන් ජාතික V.P. Nackholm මහත්මිය ඊයේ (16) දිනයේදී ඩොලර් 33000ක මූල්‍ය ආධාරයක් පිරිනැමුවාය.
ඇය මෙම මුදල අරමුදලට බැරවන සේ බැංකුගත කර තිබූ අතර එහි ලදුපත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදි පිළිගැන්වූවාය.
මෙම අවස්ථාවට කේ. ජේ.තමාදරි ප්‍රේමදාස මහත්මියද එක් වූවාය.