Sunday, December 14, 2025
Follow Us
මෙරට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්රී ලංකාවට ලබාදුන් දෙවැනි අතිවිශාල ආධාර තොගය රැගත් එක්සත් අරාබි එමිර් රාජ්යයට (UAE) අයත් ගුවන් යානය අද පස්වරුවේ කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොල වෙත ළඟා වූ බව - මුදල්, ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යාංශය සඳහන් කරයි.
එහි දී, කම්කරු අමාත්ය හා මුදල්, ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා වෙත එම ආධාර තොගය පරිත්යාග කිරීම සිදු කෙරුනි. මෙම අවස්ථාව මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.