Saturday, November 22, 2025
Follow Us
ඔක්තෝම්බර් උද්ධමනය 2.7% දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ඉකුත් ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සියයට 2.7 ක් දක්වා වැඩි වී ඇති බව වාර්තා වෙයි.

පසුගිය  සැප්තැම්බර් මාසයේ පැවති ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 2.1 ක් විය.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 සැප්තැම්බර් මසයේ දී සියයට 3.8 ක් ලෙස වාර්තා කළ, ආහාර කාණ්ඩයේ උද්ධමනය, 2025 ඔක්තෝම්බර් මාසයේ දී  සියයට  4.1 ක් දක්වා වැඩි වී ඇත.

 එසේම 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට  0.7  ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ඔක්තෝම්බර් මාසයේ දී සියයට 1.5 ක් දක්වා ද  වැඩි වී ඇත.