දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම මේ වසර තුළ වාර්තා කර තිබේ.
ඒ රුපියල් බිලියන 2,002.241ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එය 2024 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 60,079ක වැඩිවීමකි.
