Monday, November 17, 2025
Follow Us
ශ්‍රී ලංකාව 2025 වසරේ මිලියන දෙකක සංචාරක පැමිණීම ඉක්මවයි
2025 වසර සඳහා සංචාරකයින් මිලියන දෙකක පැමිණීම් ඉක්මවා යමින් ශ්රී ලංකා සංචාරක ව්යාපාරය අද (17) ප්රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය.
ලන්ඩනයේ සිට ශ්රී ලංකන් ගුවන් සේවයේ UL 504 ගුවන් යානයෙන් පැමිණි එක්සත් රාජධානියේ කැරන් රෆායෙල් මහතා සහ චාලට් ක්ලෙයාර් මහත්මිය, (Mr. Caron Raphael and Mrs. Charlet Claire) 2025 වසර සඳහා ශ්රී ලංකාවට සංචාරකයින් මිලියන 02 ක පැමිණීමේ සන්ධිස්ථානය මෙලෙස සනිටුහන් කළහ.
 
ශ්රී ලංකා සංචාරක අමාත්යංශයේ නියෝජිතයින්, ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම ශ්රී ලංකන් එයාලයින් සමාගමේ සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ලංකා සමාගමේ නියෝජිතයින් විසින් බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ දී ඔවුන් උත්සවාකාරයෙන් පිළිගනු ලැබීය.