Tuesday, November 04, 2025
Follow Us
ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට
ජාතික තීරුබදු ප්රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ශ්රී ලංකාව තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා විනිවිදභාවය සහ පුරෝකථනය කළ හැකි තීරුබදු ක්රමයක් ක්රියාත්මක කිරීම ඉලක්ක කර ගත් ජාතික තීරුබදු ප්රතිපත්තිය සඳහා 2024‑06‑11 දින පැවැති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි විය.
 
ඒ් අනුව එම ප්රතිපත්තිය ක්රියාත්මක කිරීම සඳහා ජාතික තීරුබදු ප්රතිපත්ති කමිටුව 2025‑05‑15 දින ස්ථාපිත කෙරිණි..ඒහෙත් පසුව සිදු කරනු ලැබූ රජයේ ප්රතිපත්ති සංශෝධනයන්ට අනුව, ඇතැම් බදු නීති සමඟ අනුකූලතාවය සහතික කිරීම සඳහා සහ අවිනිශ්චිතතා මග හැරවීම සඳහා ජාතික තීරුබදු ප්රතිපත්තියේ ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්යතාව ජාතික තීරුබදු ප්රතිපත්ති කමිටුව විසින් හඳුනා ගනු ලැබ ති‌බේ.
 
ඒ අනුව හඳුනාගනු ලැබ ඇති සංශෝධනයන් මත පදනම්ව ජාතික තීරුබදු ප්රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී ති‌බේ.