වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (30) නිරත විය.
පසුගිය රජය සමයේ ඈවර කිරීමට නියමිතව තිබූ මෙම ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, නව රජය බලයට පත් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නැවත ස්ථාපිත කළ අතර, පසුගියදා සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟින් නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතට පත් කරන ලදි.
මෙහිදී කර්මාන්ත පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව වත්මන් සභාපති අමල් අත්තනායක මහතා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ත්‍රිපෝෂ සමාගම පිළිබඳව හඳුන්වා දෙමින් වර්තමාන තත්වය සහ ඉදිරියේදී අපේක්ෂිත ඉලක්කයන් පිළිබඳව අමාත්‍යවරයා සමඟින් සාකච්ඡාවක නිරත විය.
 
     