බදුල්ල සතොස ශාඛාව, සතොස නව වෙළදසැල් ජාලයේ විශාලතම වෙළද සංකීර්ණය ලෙසින්, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා හා සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල නගරයේ දී විවෘත කෙරිණි.
මෙම නව සතොස ශාඛාව, සිල්ලර වෙලදසැලට අමතරව නිමි ඇදුම්, ආපනශාලා, බේකරි නිශ්පාදන ඇතුළු පාරිභෝගික ජනතාවට අවශ්‍ය බොහෝ දෑ පහසු මිලට ලබා ගත හැකි වෙළෙඳ සංකීර්ණයක් ලෙස නිර්මාණය කර තිබේ. මෙමගින් පාරිභෝගික ජනතාවට එකම ස්ථානයකින් තම භාණ්ඩ හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව සැලසේ.
සතොස ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවීන්ඳ්‍ර බණ්ඩාර, දිනිඳු සමන් හෙන්නායක, කිට්නන් සෙල්වරාජ්, බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ ඇතුලූ දේශපාලන අධිකාරිය, සතොස සභාපති සමිත පෙරේරා මහතා ඇතුළු නිලධාරීන්, සතොස කාර්ය මණ්ඩලය සහ පාරිභෝගික ජනතාවද එක්ව සිටිහ.