Tuesday, September 23, 2025
Follow Us
 ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 6.61% ක වර්ධනයක්
2025 වසරේ මුල් මාස අට තුළ ශ්රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්රගතියක් පෙන්නුම් කරයි.

මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11554.32 කි.

 
එය 2024 එම කාලයට සාපේක්ෂව 6.61% ක වර්ධනයකි.
 
2025 අගෝස්තු මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,607.58කි.
මෙය 2024 අගෝස්තු මාසයට සාපේක්ෂව 2.57%ක වාර්ෂික වර්ධනයකි.
 
ශ්රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළදපොළ ප්රවේශය පුළුල් කිරිමටත්, ගෝලීය තරගකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම මෙයින් පිළිබිඹු කරයි.