Tuesday, July 08, 2025
Follow Us
VAT වැඩි වෙලාද?

ජනතාවට කිසිදු අකාරයේ අතිරේක වැට් බදු පැනවීමක්  සිදුකර  නැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පළ වී ඇති අසත්‍ය පුවත් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ද සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ජනතාව කිසිදු අකාරයකට කලබලයක් ඇතිකර නොගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.

පැවති වැට් බදු පනත සංශෝධනය කිරීමට සිදු වූ බවත්, පනවා ඇති බදු අයවැයේදී ඉදිරිපත් කර එම පනත් කෙටුම්පත් සංශෝධනය කලා මිස අතිරේක වැට් බද්දක් පනවා නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය.


වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
ඩිජිටල් සේවාවන් සඳහා වූ වැට් බද්ද අලුතුන් ඇති කල වැට් බද්දක් නොවේ. දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ඩිජිටල් සේවාව සැපයීම සිදු කිරීමේදී සේවාව සැපයුවේ කවරෙක්ද යන කාරණය මත නොව, ඩිජිටල් සේවාව මත එම වැට් බද්ද පනවා තිබුණා. එම බද්ද අයකර ගැනීමට යාමේදී යම් යම් අණ පනත් වලට නීතිය ඉදිරියේ නඩු දමන බවත් මේ සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වී , නීතිය ඉදිරියට ගොස් පැහැදිලි කර එහි පදනම හා සාධාරණ බව පැහැදිලි කර, එම බද්දට එකතු කර දීමට යටත් වන කණ්ඩායම පවා එම සාකච්ඡාවලට පැමිණ අප්‍රේල් 1 සිට අය කර ගැනීමට අදාල බද්ද ඔක්තෝබර් 1 සිට අයකර ගැනීමට අදාල අවසරය ලබා තිබෙනවා.