Saturday, February 14, 2026
Follow Us
පාරම්පරික පිත්තල කර්මාන්තය නගා සිටුවීමට විශේෂ වැඩසටහනක්
මූල්යමය ලාභය ගැන පමණක් සිතා ආනයන භාණ්ඩ වෙත යොමුවීම වෙනුවට දේශීය භාණ්ඩ මිල දී ගෙන දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතු බව විද්යා හා තාක්ෂණ අමාත්ය වෛද්ය ක්රිෂාන්ත අබේසේන මහතා පවසයි.
අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ පාරම්පරික පිත්තල කර්මාන්තය නගා සිටුවීමට දියත් කෙරුණු සාමූහික වැඩසටහනේ දෙවන පියවර ලෙස පාරම්පරික පිත්තල කර්මාන්තකරුවන් සහ රාජ්ය නිලධාරීන් අතර විවෘතව අදහස් හුවමාරු කර ගැනීමට විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ දී පැවති රැස්වීමේ දීය.
 
වත්තල කුරුකුලාව දකුණ ප්රදේශයේ පවත්වාගෙන යනු ලබන පාරම්පරික පිත්තල කර්මාන්තය නගා සිටුවීමට සාමූහික වැඩසටහනක් දියත්කරන බවටත්, දේශීය පිත්තල කර්මාන්තයෙහි තත්වය උසස් කිරීම වෙනුවෙන් තාක්ෂණික සහයෝගය ලබා දීමට කටයුතු කරන බවටත් විද්යා හා තාක්ෂණ අමාත්ය වෛද්ය ක්රිෂාන්ත අබේසේන මහතා විසින් එම කර්මාන්තකරුවන්ට ලබා දුන් පොරොන්දුව අනුව ක්රියාත්මක වෙමින් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.