Saturday, February 14, 2026
Follow Us
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණිම සඳහා ටෙන්ඩර් කැඳවයි

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන (සුඛෝපභෝගී වාහන 16ක්. අනෙකුත් වාහන 03 ක් සහ අබලි වාහන 03ක්) විකිණීම සඳහා සුදුසුකම්ලත් ටෙන්ඩර්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවා තිබේ.

මෙම විකිණිම සඳහා වෙන් කළ වාහන නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය සතියේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා  එක්විය.

මෙම ටෙන්ඩරයට සහභාගී වීමට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් හෝ සංවිධාන පමණි. ජාතික හැඳුනුම්පතේ (NIC) හෝ සමාගමේ හෝ සංවිධානයේ ලියාපදිංචි සහතිකයේ සහතික කළ පිටපතක් ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට අමුණා තිබිය යුතුය. මේ සඳහා උනන්දුවක් දක්වන ටෙන්ඩර්කරුවන්ට 0112186076 දුරකථන අංකයෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) හෝ ප්‍රවාහන නිලධාරී අමතා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකි අතර 2025 ජුනි මස 16 දින සිට 2025 ජුලි මස 07 දින දක්වා කාර්යාල දිනයන්හිදී පෙව 10.00 සිට පව 1.00 දක්වා එකී වාහන පරීක්ෂා කර බැලිය හැකිය.