Saturday, February 14, 2026
Follow Us
මැයි පමණක් සංචාරකයන් 132, 919 දෙනෙකු දිවයිනට
පසුගිය මැයි මාසයේ සංචාරකයන් 132, 919 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව 2025 වසරේ ශ්රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්යාව 1,029,803ක් දක්වා ඉහළ යනු ලැබේ.

මේ වන විටත් වැඩිම සංචාරකයින් සංඛ්යාවක් දිවයිනට පැමිණෙමින් සිටින්නේ ඉන්දියාවෙනි.
එහෙත් රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්රංශ වැනි රටවල සංචාරකයින් ද ශ්රී ලංකාවට පැමිණීම ඉහළ අගයක් ගෙන තිබේ.