ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ගතවූ දින 04 තුළදී රුපියල් මිලියන 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇති බව වාර්තා වෙයි.
ජනතාවට ගම්බිම් බලා යාම සඳහා ශ්‍රී ලංගම බස්රථ ධාවනයට යෙදවීමෙන් එක් දිනකට රුපියල් මිලියන 200ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබේ.
මෙවර අවුරුදු සමයේදී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 350 ක් පමණ යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත.