Monday, April 14, 2025
Follow Us
ඇමරිකානු භාණ්ඩ සඳහා චීනය තවත් 50% ක තීරුබදු පනවයි

ඇමරිකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා චීනය තවත් 50% තීරුබදු පනවයි.

අපනයනය කරන චීන භාණ්ඩ සඳහා “අන්‍යෝන්‍ය තීරුබදු” 34% සිට 84% දක්වා වැඩි කරන බව ඇමරිකාව ඊයේ (8) ප්‍රකාශ කළේය. ඊට එරෙහිව, චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව, චීන මහජන සමූහාණ්ඩුවේ තීරුබදු නීතිය, රේගු නීතිය, ‍විදේශ වෙළඳ නීතිය සහ ජාත්‍යන්තර නීතීන් හි මූලික මූලධර්මවලට අනුකූලව, ඇමරිකාවේ නිෂ්පාදිත සියලු භාණ්ඩ සඳහා වූ තීරුබදු 34% සිට 84% දක්වා ඉහළ දමා ඇත. එය හෙට (10) 12:01 සිට ක්‍රියාත්මක වේ.

Dinamina