Tuesday, April 15, 2025
Follow Us
රටේ අනාගත ආර්ථික ඉලක්ක සපුරා ගන්න IMFහි නව මෙහෙයුම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා පත්කළ නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු පිළිබඳ මෙහිදී සමාලෝචනයක නිරත වූ නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍යතුමිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය සහ රටේ අනාගත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳව ද සාකච්ඡා කළහ.

ඉදිරියේදී මතුවිය හැකි ආර්ථික අභියෝග, ඒ සඳහා අවශ්‍ය කඩිනම් විසදුම් සහ ශ්‍රී ලංකාව සඳහා ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු සංවර්ධනයන් පිළිබඳව ද දෙපාර්ශවය අතර කරුණු හුවමාරු විය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකාව සඳහා IMF හි නව මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ, ආසියා සහ පැසිෆික් කළාප සඳහා IMF හි නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය පන්ත්, ශ්‍රී ලංකාව සඳහා හිටපු මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෙවර් , IMF නේවාසික නියෝජිත මාර්තා වොල්ඩෙමිචෙල් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, යන මහත්මමහත්මීන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.