මේ වසරේ සංචාරක ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා යහපත් ආරම්භයක් ගනිමින් පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 400.7ක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව වී තිබෙන බව වාර්තා වෙයි.
එය පසුගිය 2024 වසරේ ජනවාරි මාසයේදී මෙරට සංචාරක ව්‍යාපාරයෙන් උපයාගත් අමෙරිකානු ඩොලර් මිලියන 341.8ට සාපේක්ෂව සියයට 17.2ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේදී පමණක් විදෙස් සංචාරකයන් 252,761 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර එය පසුගිය වසරේ ජනවාරි මාසයේ මෙරටට පැමිණි 208,253ට සාපේක්ෂව සියයට 21.4ක වර්ධනයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මේ වසරේ අවසානය වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 30ක් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාව වී තිබෙන අතර ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා ක්‍රියාත්මක කර තිබෙන බව ද එම අධිකාරිය පෙන්වාදෙයි. කෙසේ වුවද පසුගිය 2024 වසරේදී විදෙස් සංචාරකයන් 2,053,465 දෙනකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.