තම පුරෝකත අනුව 2025 සහ ඉන් ඔබ්බට ශ්රී ලංකාව යථා තත්ත්වයට පත්වීම පිළිබඳව ඉතා යහපත් අදහස් ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ජ්යෙෂ්ඨ ධූත මණ්ඩල ප්රධානී පිටර් බෲවර් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ශ්රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්ය හමුවට අද (04) උදෑසන එක්වෙමින්.
ශ්රී ලංකාවේ ජනතාව රට හැර නොයන තත්ත්වයකට අනාගතයේ දී පත්වෙනු ඇති බවත් පසුගිය අර්බුද සමයේ ශ්රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් මෙහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2022 වසරේ ප්රථම වරට ඔවුන් මෙරටට පැමිණෙන විට ආර්ථිකයේ පැවති මන්දගාමී ස්වභාවය මේ වන විට යතා තත්ත්වයට පත්ව ඇති බව ද මෙම මාධ්ය හමුවේ දී පෙන්වා දුන් පිටර් බෲවර් මහතා විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ ශ්රී ලංකාවේ සංචිත මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, දැනටමත් එම වැඩසටහනේ අපේක්ෂිත අරමුණු වලින් අඩක් පමණ මේ වන විටත් ළඟාකර ගැනීම සිත්ගන්නා සුළු බවත් කියා සිටියා.