Saturday, February 14, 2026
Follow Us
අලුත් අවුරුද්දට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහන මිලට

අවුරුදු කාලයේදී සතොස හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සහනයක් ලබාදම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවත්, ඒ සඳහා මුදල් වෙන් කිරී මේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද(25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යය සහන මිලට සතොස හරහා ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී  පැවසීය.