Wednesday, April 16, 2025
Follow Us
අයවැයෙන් කාන්තා ආර්ථික සහභාගීත්වයට සහාය

මෙවර අයවැයෙන් කාන්තා ආර්ථිකයට සහාය ලබාදීමේ යෝජනාද ඇතුළත් කරමින් කාන්තාව ශක්තිමත් කිරීමේ යෝජනා ඇතුලත් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්දී අයවැය 2025 ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. 

 

"කාන්තා කටයුතු සඳහා රේඛිය අමාත්‍යාංශය මෙන්ම පළාත් සභා මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක වේ. ඒ තුළ විශේෂයෙන් ගැබිනි මාතාවන් සඳහා පෝෂ්‍යදායී ආහාර ලබා දීම සඳහා මාසික ආධාරයක් ලබා දෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 7,500 ක් වෙන් කර ඇත. එසේම මව්වරුන් හා දරුවන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5,000 ක් වෙන් කර තිබෙනවා.

ළමා හා කාන්තා හිංසනය වැළැක්වීම, කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තාවන් සුරැකීම යන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 120 ක් ද වෙන් කර තිබෙනවා. කාන්තාවන් ඉලක්ක කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා ව්‍යාප්තව ඇති කාර්යාල ජාලය පවත්වා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 720 ක වියදමක් දරනු ලැබේ."