Friday, March 14, 2025
Follow Us
වී සඳහා රජය මිල තීරණයට කරයි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ කෘෂිකර්ම පශු සම්පත්, වාරිමාර්ග අමාත්‍යංශයට සම්බන්ධ රාජ්‍ය ආයතන ගොවියට ඉතා සාධාරණ ලෙස වී මිලදී ගැනීමට මිල ගණන් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සදහන් කරයි.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සදහා අද (05) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඒ අනුව වියළි නාඩු වී කිලෝවක් රුපියල් 120 කට මිලදී ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

සම්බා වී කිලෝවක් රුපියල් 125 කට මිලදී ගන්නු ඇත.

එසේම කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට මිලදී ගනු ලැබේ.