කොළඹ වරායේ බහාලුම් තදබදය පසුගිය සති කිහිපයේ රටේ ප්රබල ම ගැටලුවක් විය. දිනපතා බහාලුම් 300 කට ආසන්න ප්රමාණයක් නිසි පරිදි පරීක්ෂණ කිරීම සඳහා වරාය තුළ අවම වශයෙන් දින 03 ක් වත් තබා ගැනීමට සිදුවීමෙන් දිනෙන් දින තදබදය වැඩිවීම සිදු විය.
මේ වෙනුවෙන් සෘජුව මැදිහත් වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් කළ කැබිනට් අනු කමිටුවේ තීරණය මත වරාය සීමාවෙන් මෙපිට ඇති බ්ලූමැන්ඩල් ඉඩමේ අක්කර 5 ක ප්රමාණයෙන් 2.5 ක කොටසක් නිසි පරිදි සකස් කර කෙටි කාලීන විසඳුමක් ලෙස ජනවාරි මස අවසන් වන විට රේගුවට භාර දීමට සාකච්ඡා විය.
ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කර නිම කරන ලද බ්ලුමැන්ඩල් පරිශ්රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස ඊයේ (03) දින විවෘත විය.